භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Madatugama Sri Rewatha M.V.

අ/මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Madatugama Sri Rewatha M.V.

අ/මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

මහවැලි එච් කලාපයේ කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ප්‍රධාන මාර්ගයට නැගෙනහිරින් පිහිටා ඇත. දඹුල්ල නගරයේ සිටත් කැකිරාව නගරයේ සිටත් පැමිණෙන්නෙකුට 8km සම දුරින් මෙම විද්‍යාලය හමු වේ. පාසලේ ඉතිහාසය පැහැදිලි කිරීමේදි 1918 වර්ෂයේ වෙසක් මස පුර පසලොස්වක පෝය දින 1918.05.24 මෙහි සමාරම්භය සටහන් වන්නේ ගල්කඩවල රේවත හිමිපාණන්ගේ පුරෝගාමිත්වයෙනි. පාසලේ ආරම්භක ශිෂ්‍යයා මුදලිහාමිය. පාසල ආරම්භයේ ලබා ගත් පහත ඡායාරූපයේ ඉදිරිපස බිම වාඩි වී සිටින්නේ එම මුදලිහාමි ශිෂ්‍යාය.

එදින ගුරු හිගයට පිලියම් වශයෙන්  මොනිටර් වරයෙකු මගින් පාසල පවත්වාගෙන යාම සිදු වී ඇත. ඔහු නමින් ඩිංගිරි නම් වූ ශිෂ්‍ය ගුරුවරයා විය. (1928) ගල් කඩවල රේවත හිමි පාණන්ගේ කැපවීම පරිත්‍යගශීලි බව නිසා පාසල ඉතා ඉහළ දියුණුවට ලගා වී ඇති අතර කාගෙත් ශීරෂ ප්‍රණාමයට අභීතව මුහුණ දෙමින් සිටී. අපේ ගෞරවය හිස නමා ගල් කඩවල රේවත හිමි පාණන්ට පුදමු. 

 අනතුරුව පාසල පාසලක් බවට පත් කර ගැනීමේ බ්‍රතාන්‍ය කමිටු නිර්දේශ මත රේවත හිමි පාණන් උත්සහයක් නිෂ්ප්‍රභා වුවද පසු කාලීනව ආ වෙන්ත ප්‍රතිපත්ති මගින් පාසල රජයට පවරා ගැනීම පාසල් මාතා ව ඉටු කර ගත් තවත් සුවිශේෂි ජයග්‍රහණයකි. පෙරලියකි. එදා සිසු දරුවන් 31 දෙනෙකුගෙන් මුල් ශිෂ්‍ය සංඛ්‍යාව පරිපූර්ණ වූහ. රජයේ පත්වීම ලබා පාසලට පැමිණ ප්‍රථම ගුරුවරයා සිල්වා මහතාය. පසුව ඔහුගේ භාර්යාව සහ ඇලගමුව ඩිංගිරි අම්මා තාවකාලිකව සේවයට බදාවගෙන ඇත. 1931 න් පසු කොරසගල්ල ලොකු මහත්තයා හෙවත් බී මුදියන්සේ මහත්මා ආර් එම් බංඩාර මහත්මා පාසල් මාතාවට කැපී පෙනෙන සේවාවක් ඉටු කර ඇති බව පාසල් ඉතිහාසය සාකෂි දරයි. 

1937 අග බාගයේ සිට වසර 30 ක සේවා කාලයක් සමගින් පාසලට නව ජිවයක් ලැබිණ. එමෙන්ම එම්.ඩී. ඩිංගිරි බංඩා මයා . ආර්.ඩී. ඒකනායක මයා විදුහල්පති සේවයේ  විශිෂඨයන් බව සනාථ වෙ. 1990 වසරේ ආර්.එම්. බංඩාර මහතා විදුහල්පති වශයෙන් වැඩ බාර ගෙන පාසලට මහගු සේවයක් ඉටු කර ඇත. මෙම පාසල් සේවය කල විදුහල්පති සමරසිංහ මහත්මා තෙක් මුල් ගුරුවරු 107  දෙනෙකු සේවය කල බව බොහෝ දෙනාගේ මතයයි. 1997 වර්ෂයේ නොවැම්බර් මස සිදු වූ කණගාටු දායක සිදුවීම නම් විදුලි කාන්දුවක් නිසා කාර්යාලයක ගිණි ගැනිමට ලක් වී ලිපි ලේඛන සියල්ල විනාශ වුවා සේම කාර්යයාල ගොඩ නැගිල්ලද රේවත මාතාවට අහිමි විය. මෙය පාසල් ප්‍රජාවට සිදු වූ අති විශාල පාඩුවක් මෙන්ම ගැටලුකාරි තත්වයකි.

පළමු ශ්‍රේණායේ සිට 13 ශ්‍රේණිය දක්වා කලා වාණිජ විෂය දාරාවන් සමගින් ඉදිරියට ආ විදුහල් මාතාව නවෝද්‍යා පාසල් සංකල්පයටද ඇතුලු වී ඇත. මහින්දෝදය විද්‍යාගාරය හා තාක්ෂණික විද්‍යාපිඨය ඉදිවීමත් සමග ශ්‍රී රේවත විද්‍යාලය AB Super නාමයෙන් පිදුම් ලැබීමත් පාසල් ප්‍රජාව තාක්ෂණික මාවතේ ගමන් ඇරඹීමට හැකියාව හිමි වී ඇත්තේ තාක්ෂණික පීඨයක් පාසලට හිමි විීමත් සමගය. 

1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වූ පාසල AB Super තත්වයත් සමග 2013 සිට වසරින් වසර 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ගිලිහීම ආරම්භ විය. 2013 තාක්ෂණ විෂය ධාරාව පාසලේ ආරම්භය 2014 විද්‍යා විෂය ධාරාව ආම්භයත් සිදු විය. මේ අනුව 2017 සිට 6 -13 ද්විතියික පාසල්ක් ලෙස අධ්‍යාපන ක්‍රියාවලියේ නිරතව සිටි. 

පාසල් පෝෂිත ප්‍රෙද්ශයට කෘෂි ආර්ථිකයට හිමි කම් කියන අතර විශේෂ අධ්‍යාපන ඒකකය අධ්‍යාපනය ලබන දරුවන් හා 1km දුරින් පිහිටි පරිවාස හා ළමා ආරක්ෂණ නේවාසිකව සිටින දරුවන්ටද පාසල විවෘතව ඇත. 

2018 පාසල් මාතාවට සියක් වසක් ආයු ලැබිම සිදුවිය. ඒ නිමිත්තෙන් පාසල් ප්‍රජාවගේ පූර්ණ දායකත්වයෙන් සියවස් අභිමන් දැක්ම දින 03 ක් පුරා ප්‍රදර්ශනයක් හා පිරිත් දේශනාවක් සමග සංඝයා වහන්සේලා 50 නමක් විෂයෙහි සගගත දක්ෂිණාවක් උත්කර්ශවත් අයුරින් පැවැත්වීමු. 

විෂය සමගාමි තරඟ වලින් සංගීතය හා විශේෂ අධ්‍යාපන දරුවන්ගේ සමස්ථ ලංකා ජයග්‍රහණ හිමි කර ගැනීමටද හැකි විය. තාරකා විද්‍යා සංගමය හරහා අභ්‍යාවකාශ අධ්‍යනයට අදාලව ජාතික ජල රොකට් තරඟයකට උතුරුමැද පාලාතෙන්ම 2017 වසරේ සිට ශ්‍රී රේවත මහා විද්‍යාලය සහභාගිත්වය ලැබූ අතර 2018 වර්ෂයේ උතුරු මැද පලාතට ජයග්‍රහණ ලබා දීමට පුහුණුකරුවකු වූයේද 2019 වර්ෂයේ ජලරොකට ්ජාතික තරගයේ පළමු ස්ථානය ශ්‍රී රේවත මාතාවට හිමි කර දෙමින් ජපානයේ පැවති ජාත්‍යන්තර ජල රොකට් තරඟයට ශ්‍රී ලාංකික කණ්ඩායමේ තරග කරුවන් 06 දෙනා පුහුණු කිරීමට හා සහභාගි කරවමින් ශ්‍රී ලංකාවට 2019 වර්ෂයේද ශූරතාව හිමි කර දීමට පුහුණු කරු වශයෙන් කටයුතු කළේ ද ශ්‍රී රේවත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි කේ.එම්.ඩබ්.කේ. කුමුදු කරවිට මහත්මියයි. මේ නිසා නවීන තාක්ෂණය පිලිබද ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය තුල ශ්‍රී රේවත මහා විද්‍යාලය පිලිබද ඉහල පිලිගැනීමක් ඇත.  

වසර 103 ක් ආයු ලබන ශ්‍රි රේවත විදු මෑණියන්ගේ ප්‍රජාව අනාගත ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ශක්තිය වීමට පන්නරය ලබා ගැනීමට තවත් අනගි අවස්ථාවක් උදා කරමින් 2021 ක් වූ ජූනි මස 15 වන දින අ/ ශ්‍රී රේවත මහා විද්‍යාලය ජාතික පාසලක් බවට විවෘතව ඇත. 2022 වර්ෂයේ දී පාසල් අතරට කරාතේ ශූරතාව පලාත් මට්ටමින් ලබා ගත් අතර තාරකා විද්‍යා සංගමයේ ජල රොකට් තරග ශ්‍රී ලංකා ප්‍රථම ස්ථානය හා ජාත්‍යන්තර තරගයටද සහභාගි විම සිදු විය. දැනට වර්ෂ  105 ආයු සම්පූර්ණ කරයි.

 

 

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 123ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1918 මැයි 24

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

1

මුල් ගුරුතුමාගේ නම

ඩී.කේ.එම්.ඩිංගිරි බංඩා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ඩී.කේ.එම්.ඩිංගිරි බංඩා

පාසල රජයට පවරාගත් දිනය

1931 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

කොටසර පියන්ගලු රාජමහා විහාරස්ථ ධර් ම ශාලාවේදී 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

මුදලිහාමි

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1918 මැයි 24 දින

 

Madatugama Sri Rewatha M.V.

අ/මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • A/sri Rewatha Maha vidyalaya,Madatugama,Kekirawa

: (+94)0252052462

: [email protected]

Supported By

© 2026 Madatugama Sri Rewatha M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk